14
ජූලි
Posted by kaumad in Uncategorized. Tagged: coding, cryptography. ප්‍රතිචාර 2
විභාගෙ පටන් ගන්නත් කලින් ඉඳන්ම නිවඩුවෙ කරන්න ඉන්න දේවල් ගැන් බලාපොරොත්තු ගොඩ ගහගෙන හිටියෙ
movies ටිකකුත් එකතු කරගෙන programming ගැන පොත් හොයගෙන වැඩට බහින්න හිතන් හිටිය
කලින් post එකක කිව්ව opencv වලින් image processing ටිකක් ඉගෙන ගන්නත්, Beggining Linux programming කියන පොතෙන් linux ගැන ඉගෙන ගන්නත් ලෑස්ති වුනා
පොතක් කියවල විතරක් programming ඉගෙන ගන්න බෑනෙ. ඒ නිසා දවසේ වැඩි කාලයක් keyboard එකත් එක්ක තමයි ගෙවෙන්නෙ.
ටික දවසක් මෙහෙම කොම්පියුටරේ බදා ගෙන වැඩ කරනකොට තමයි ඒකෙත් අමාරුව තේරුනෙ, හපොයි type කරලම ඇඟිලි රිදෙනව, තව මෙහෙම ගියොත් මේ වගේ(carpal tunnel syndrome) වෙයි කියල හිතිල දවස් දෙක තුනක් බොහොම අමාරුවෙන් කොම්පියුටරේ on නොකර හිටිය.
හෆෝයි, ඒත් කොහොමද දවස ගෙවන්නෙ? අළුත් පොතක්වත් ගෙදර නෑ.
එතකොට තමයි මේසෙ උඩ තිබුන algo පොත දැක්කෙ.
ඔන්න ඒක ටිකක් පෙරළ ගෙන යනකොට අහුවුනා cryptography ගැන chapter එක.
මම කැමතිම field එකක් වන number theory ගොඩක් භාවිත වන නිසා පටන් ගත්ත ඒක කියවන්න.
prime numbers හා ප්‍රමේයයන් එක්ක සෙල්ලම් කරන එකත් ආතල් 
මේ දවස්වල RSA public key crypto system එක පැහැදිලි වෙන්න පොඩි application එකක් ලියනවා.(ඉවර උනාම දෙන්නම්) cryptography හා ඒ දේවල් ඉගෙන ගනිද්දි හමු වුන number theory වල ලස්සන ප්‍රථිඵල මගේ කඩු බ්ලෝග් එකේ දාන්නම්(මොකද ගොඩක් ඉංග්‍රීසි වචනවලට ස්ංහල පරිවර්ථන නෑ.) crypto වලට කැමති අය බලත්වා(තේරුම් ගන්න නම් මැත ඉගෙනගන්න වෙයි
)
මේ වැඩවලට පොඩි කොමාවක් තියන්න වෙනවා අපේ AGM එක වෙනුවෙන් වැඩ කරන්න වෙන නිසා.

මේ post එක ලියුවෙ අපේ TP (තමීර)ගෙ සිංග්‍රීසි application එක පාවිච්චි කරලා (වැඩේ නම් එළ)
ඔබ සැමට google පිහිටයි!
7
ජූලි
Posted by kaumad in Uncategorized. Tagged: අනං මනං, laptop. ප්‍රතිචාර 19
ඉස්සර කාලෙ laptop එකක් කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩයක් වුනත් දැන් ඒක නතුවම බැරි දෙයක් වෙලා.
ඔන්න කෙලින්ම කතාවට බහිමු.
ගිය අවුරුද්දෙ මාසයක් විතර quotation කියව කියව ඉඳල කොහොම හරි ඔක්තෝබර් වල (Onboard VGA laptop අඩුවට තිබුනත් ගේම් ගහන්න තිබුන ආසාව නිසාත්, ඒ කාලේ trend එක HP dv5 නිසාත්) HP dv5 1104-tx එකක් ගත්තා.(ගහපු ගේම් එකකුත් නෑ). ගන්න කොටම cooling pad එකක් free හම්බ වුනා.ගෙදර ගෙනල්ල පැයක් විතර පාවිච්චි කරන කොට තමයි මොකද මේක දුන්නෙ කියල තේරුනේ. මේක එසේ මෙසේ ලැපක් නෙවේ dual-purpose ලැපක්. ලිපක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්
.
දැන් මාසෙක විතර ඉඳන් screen එකේ ඉරි යන්න පටන් ගත්තා. ලිඩ් එක පොඩ්ඩක් නැව්වම හරියනවා. රිබන් එකේ අව්ලක් ලියල තමයි තේරුනේ. එන්න එන්න ලෙඩේ වැඩි වෙලා, අන්තිමට ෆිල්ම් එකක් බලන කොට සර්පිනාවක් වගේ.(විශේෂණ් පද වලින් බැන බැන :-@)
මාත් එක්ක එකටම මෙයින් ලැප් ගත්තු බොඩිමේ දෙන්නෙක්ගෙත් රෝග ලක්ශණ පෙන්නන්න ගත්තා.

Laptop display
පේන විදියට DV-5 series එකේ අවුලක්
තව යාලුවෙක්ගෙත් මෙහෙම වෙලා, ගත්තු තැනට ගියාම company යවල සති දෙකකින් විතර අවුලක් නෑ කියල ආපහු දුන්නලු.
Exam ඉවර වෙනකන් ඉඳල ගිය සතියෙ අර යාලුවො දෙන්නත් එක්ක කොළඹ ගියා. දැන් ලෙඩේ පෙන්නන්න ලැප ඔන් කරා. පේන්න අවුලක් නෑ. ලිඩ් එක අරෙහෙට මෙහෙට කරල බැලුවා. දොස්තර ලඟදි රෝග ලක්ෂණ නැතිවෙලා. යාළුවො දෙන්න ගෙත් එහෙමමයි.
එතන ඉන්න man කියනව “ලැප තියල යන්න, company යවල බලමු කියල” මම ඇහුව කම්පනියෙදි මොකද කරන්නෙ කියල. එතකොට කියනව “එහේදි ලෙඩක් අහුවෙනකන් ලැප කරල තියාවි. ලෙඩේ අහුවුන ගමන් display එක replace කරාවි කියල”
හෆෝයි! මේ නිවාඩු කාලෙ කොහොමද ලැප නැතුව ඉන්නෙ.
warranty අවුරුද්දක් කියුවට අවුරුද්දක්මත් නෑ, අවුරුදද්ක් වෙන්න (weekend+public holiday) නැතුව දින 14කට කලින් ඉවරයි.
ඒ කියන්නෙ මාස 11කින් ඉවරයි.
ඒ අස්සෙ man පොඩි marketing පාරකුත් දැම්ම “මල්ලි 25කට care pack එක ගන්න එතකොට තව අවුරුදු දෙකකට warranty තියනව කියල”
මම පස්සෙ ගේන්නම් කියල ගෙදර ගෙනාවම අපහු ලෙඩේ. දැන් ඉතින් සැප්තැම්බර් වලට කලින් ලෙඩේ වැඩි කරගෙන යන්න ඕන.
22
ජූනි
Posted by kaumad in Uncategorized. Tagged: linux, ubuntu. ප්‍රතිචාර 2
මම ගිය සතියෙ Ubuntu 8.10වල ඉඳන් 9.04 වලට upgrade කලා. ඒක alternate installation cd (ඔක්කොම files .deb විදියට තියෙන නිසා offline ඉඳ ගෙන upgrade කරන්න පුලුවන්වැඩි විස්තර මෙතනින් බලා ගන්න) එක භාවිතෙන් තමයි වැඩේ කලේ.
කිසිම අව්ලක් නතුව ගානට upgrade වුනා. ඒ වුනාට පොඩි පොඩි වෙනස්කම් ඇරුනම ලොකු වෙනසක් නෑ.
Dialog HSPA එකේ 700MB විතර කෑව කියල බැන බැන ඉඳිද්දි තමයි අළුත් වැඩක් අහු වුනේ.
අන්තිමට Windows hibernate කරල තියෙද්දි Ubuntu boot කරල නිකමට වගේ NTFS partition mount කරන්න බැලුව. මෙන්න ඔක්කොම ටික mount වෙලා. 
Write කරන්නත් පුලුවන් NTFS partition එකට writeකරපුව Windows වලත් පෙන්නනව.
මොකද්ද මේ වෙනස කියල හොයන්න Ubuntu site එකටත් ගිහින් search එකක් දැම්මා. ඒත් කිසිම හෝඩුවාවක් ලබුනෙ නෑ.
හේතුවක් දන්නා කෙනෙක් ඉන්නවද?
1
මැයි
Posted by kaumad in Uncategorized. Tagged: coding, image processing. ප්‍රතිචාර 4
මම කිව්වනේ මේ දවස්වල මට Image Processing පිස්සුවක් හැදිල තියෙනවා කියලා.MatLab CD එක ආවට පස්සෙ ඒක තවත් වැඩි වුනා.
මට දැන් ටික කලකට කලින් තමයි OpenCV මුලින්ම හමුවුනේ.install කලත් වැඩිදෙයක් කරන්න වුනේ නෑ.ඔන්න අද Visual C++ configure කරල පොඩ්ඩක් සෙල්ලම් කරල බැලුවා.
OpenCVකියල කියන්නෙ Opensource computer vision Library එකටයි.
මේකෙන් image processing වැඩ ගොඩක් කරගන්න පුලුවන්. Coding C/C++ වලින් නිසා MatLab වලට වඩා ගොඩක් වේගවත්.
මෙන්න මෙතනින් වින්ඩෝස් වලට .exe ෆයිල් එක හා ලිනක්ස් සඳහා tar.gz ෆයිල් එක බාගන්න.
Windows වල .exe ෆයිල් එක install කරගන්න.
මම Visual C++ 2008 Express edition වල configure කරගන්න විදිය කියන්නම්.
Tools> Options වල Projects and Solutions> VC++ Directories window එකේ රූපයේ පරිදි include files හා library files එකතු කරන්න.
මේ file path ඔබ install කළ තැන අනුව යොදන්න.


සුපුරුදු විදියට පොඩි Hello World Application 1ක් ලියල බලමු.
අළුත් project එකක් ආරම්භ කරල මේ code ටික ටයිප් කරන්න.

Project> Properties වින්ඩෝවෙ Linker>Input වල පහත දෑ ටයිප් කරන්න


ඔන්න දැන් පුළුවන් program 1 run කරල බලන්න. එතකොට මේ විදියට image එක display වේවි.

වැඩි දුර ඉගෙන ගැනීමට මේ පොත හොඳයි. මෙතනින් බා ගන්න.
30
අප්‍රේ
Posted by kaumad in Uncategorized. Tagged: image processing. ප්‍රතිචාර 5
30
අප්‍රේ
Posted by kaumad in Uncategorized. ප්‍රතිචාරයක් ලබාදෙන්න
සිංහල බ්ලොගයක් පටන් ගැනීම ගොඩක් කල් ඉඳන් මගේ හිතේ තිබුන අදහසක්, ඒත් සිංහල කෙටීමේ අපහසුවත් කම්මලිකමත් නිස ඒක හැමදාම කල් ගියා.
UCSC real time unicode converter එකට පින් සිද්ද වෙන්න සිංහල ටයිප් කිරිල්ල කිරි කජු වගේ වුනා.
Can’t you read this. Install sinhala unicode from here 