Posts Tagged ‘laptop’

ලැප් කථාවක්!

ඉස්සර කාලෙ laptop එකක් කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩයක් වුනත් දැන් ඒක නතුවම බැරි දෙයක් වෙලා.
ඔන්න කෙලින්ම කතාවට බහිමු.
ගිය අවුරුද්දෙ මාසයක් විතර quotation කියව කියව ඉඳල කොහොම හරි ඔක්තෝබර් වල (Onboard VGA laptop අඩුවට තිබුනත් ගේම් ගහන්න තිබුන ආසාව නිසාත්, ඒ කාලේ trend එක HP dv5 නිසාත්) HP dv5 1104-tx එකක් ගත්තා.(ගහපු ගේම් එකකුත් නෑ). ගන්න කොටම cooling pad එකක් free හම්බ වුනා.ගෙදර ගෙනල්ල පැයක් විතර පාවිච්චි කරන කොට තමයි මොකද මේක දුන්නෙ කියල තේරුනේ. මේක එසේ මෙසේ ලැපක් නෙවේ dual-purpose ලැපක්. ලිපක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන් :P.
දැන් මාසෙක විතර ඉඳන් screen එකේ ඉරි යන්න පටන් ගත්තා. ලිඩ් එක පොඩ්ඩක් නැව්වම හරියනවා. රිබන් එකේ අව්ලක් ලියල තමයි තේරුනේ. එන්න එන්න ලෙඩේ වැඩි වෙලා, අන්තිමට ෆිල්ම් එකක් බලන කොට සර්පිනාවක් වගේ.(විශේෂණ් පද වලින් බැන බැන :-@)
මාත් එක්ක එකටම මෙයින් ලැප් ගත්තු බොඩිමේ දෙන්නෙක්ගෙත් රෝග ලක්ශණ පෙන්නන්න ගත්තා.

Laptop display

Laptop display


පේන විදියට DV-5 series එකේ අවුලක්
තව යාලුවෙක්ගෙත් මෙහෙම වෙලා, ගත්තු තැනට ගියාම company යවල සති දෙකකින් විතර අවුලක් නෑ කියල ආපහු දුන්නලු.
Exam ඉවර වෙනකන් ඉඳල ගිය සතියෙ අර යාලුවො දෙන්නත් එක්ක කොළඹ ගියා. දැන් ලෙඩේ පෙන්නන්න ලැප ඔන් කරා. පේන්න අවුලක් නෑ. ලිඩ් එක අරෙහෙට මෙහෙට කරල බැලුවා. දොස්තර ලඟදි රෝග ලක්ෂණ නැතිවෙලා. යාළුවො දෙන්න ගෙත් එහෙමමයි.
එතන ඉන්න man කියනව “ලැප තියල යන්න, company යවල බලමු කියල” මම ඇහුව කම්පනියෙදි මොකද කරන්නෙ කියල. එතකොට කියනව “එහේදි ලෙඩක් අහුවෙනකන් ලැප කරල තියාවි. ලෙඩේ අහුවුන ගමන් display එක replace කරාවි කියල”
හෆෝයි! මේ නිවාඩු කාලෙ කොහොමද ලැප නැතුව ඉන්නෙ.
warranty අවුරුද්දක් කියුවට අවුරුද්දක්මත් නෑ, අවුරුදද්ක් වෙන්න (weekend+public holiday) නැතුව දින 14කට කලින් ඉවරයි.
ඒ කියන්නෙ මාස 11කින් ඉවරයි.
ඒ අස්සෙ man පොඩි marketing පාරකුත් දැම්ම “මල්ලි 25කට care pack එක ගන්න එතකොට තව අවුරුදු දෙකකට warranty තියනව කියල”

මම පස්සෙ ගේන්නම් කියල ගෙදර ගෙනාවම අපහු ලෙඩේ. දැන් ඉතින් සැප්තැම්බර් වලට කලින් ලෙඩේ වැඩි කරගෙන යන්න ඕන.