ලැප් කථාවක්!

ඉස්සර කාලෙ laptop එකක් කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩයක් වුනත් දැන් ඒක නතුවම බැරි දෙයක් වෙලා.
ඔන්න කෙලින්ම කතාවට බහිමු.
ගිය අවුරුද්දෙ මාසයක් විතර quotation කියව කියව ඉඳල කොහොම හරි ඔක්තෝබර් වල (Onboard VGA laptop අඩුවට තිබුනත් ගේම් ගහන්න තිබුන ආසාව නිසාත්, ඒ කාලේ trend එක HP dv5 නිසාත්) HP dv5 1104-tx එකක් ගත්තා.(ගහපු ගේම් එකකුත් නෑ). ගන්න කොටම cooling pad එකක් free හම්බ වුනා.ගෙදර ගෙනල්ල පැයක් විතර පාවිච්චි කරන කොට තමයි මොකද මේක දුන්නෙ කියල තේරුනේ. මේක එසේ මෙසේ ලැපක් නෙවේ dual-purpose ලැපක්. ලිපක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන් :P.
දැන් මාසෙක විතර ඉඳන් screen එකේ ඉරි යන්න පටන් ගත්තා. ලිඩ් එක පොඩ්ඩක් නැව්වම හරියනවා. රිබන් එකේ අව්ලක් ලියල තමයි තේරුනේ. එන්න එන්න ලෙඩේ වැඩි වෙලා, අන්තිමට ෆිල්ම් එකක් බලන කොට සර්පිනාවක් වගේ.(විශේෂණ් පද වලින් බැන බැන :-@)
මාත් එක්ක එකටම මෙයින් ලැප් ගත්තු බොඩිමේ දෙන්නෙක්ගෙත් රෝග ලක්ශණ පෙන්නන්න ගත්තා.

Laptop display

Laptop display


පේන විදියට DV-5 series එකේ අවුලක්
තව යාලුවෙක්ගෙත් මෙහෙම වෙලා, ගත්තු තැනට ගියාම company යවල සති දෙකකින් විතර අවුලක් නෑ කියල ආපහු දුන්නලු.
Exam ඉවර වෙනකන් ඉඳල ගිය සතියෙ අර යාලුවො දෙන්නත් එක්ක කොළඹ ගියා. දැන් ලෙඩේ පෙන්නන්න ලැප ඔන් කරා. පේන්න අවුලක් නෑ. ලිඩ් එක අරෙහෙට මෙහෙට කරල බැලුවා. දොස්තර ලඟදි රෝග ලක්ෂණ නැතිවෙලා. යාළුවො දෙන්න ගෙත් එහෙමමයි.
එතන ඉන්න man කියනව “ලැප තියල යන්න, company යවල බලමු කියල” මම ඇහුව කම්පනියෙදි මොකද කරන්නෙ කියල. එතකොට කියනව “එහේදි ලෙඩක් අහුවෙනකන් ලැප කරල තියාවි. ලෙඩේ අහුවුන ගමන් display එක replace කරාවි කියල”
හෆෝයි! මේ නිවාඩු කාලෙ කොහොමද ලැප නැතුව ඉන්නෙ.
warranty අවුරුද්දක් කියුවට අවුරුද්දක්මත් නෑ, අවුරුදද්ක් වෙන්න (weekend+public holiday) නැතුව දින 14කට කලින් ඉවරයි.
ඒ කියන්නෙ මාස 11කින් ඉවරයි.
ඒ අස්සෙ man පොඩි marketing පාරකුත් දැම්ම “මල්ලි 25කට care pack එක ගන්න එතකොට තව අවුරුදු දෙකකට warranty තියනව කියල”

මම පස්සෙ ගේන්නම් කියල ගෙදර ගෙනාවම අපහු ලෙඩේ. දැන් ඉතින් සැප්තැම්බර් වලට කලින් ලෙඩේ වැඩි කරගෙන යන්න ඕන.

Advertisements

19 responses to this post.

  1. මගෙත් ඔය අවුල තියෙනවා. ඉරක් ගිහිල්ල තියෙනව දැකලා රත් වෙන හින්දද දන්නෑ කියල කූලර් එකක් ගෙනාවා. එතකොට නම් වැඩේ හරි ගියා.
    ඒත් ඊටපස්සෙ දවසක ලැප ඕෆ් කරන්නෙ නැතුව බෑග් එකේ දාල තිබිලා ගන්න‍ කොට ලිප වගේ රත්වෙලා 😦 ඒ පාර ඉරි දෙකක්ම ආවා. දැන්නම් ෆ්‍රිජ් එකේ තිව්වත් ඉරි දෙක නම් යන්නෙ නෑ. ලිඩ් එක එහෙ මෙහෙ කරන කොට නැතිවෙලා ආයිත් එනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ඕක විසිකරල ගනින් Asus එකක්. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. මචො ඔය lap මගුල් ගැන නම් කියන්න එපා. මගේ fan එක වැඩ නොකර එක හදන්න සති 2ක් ගත්තා ඕකුන්. අන්තිමේදි කුනුහරුපෙන් නොබැන ආවේ බොහොම අමාරුවෙන්. මෙහේ එක හරිම චාටර් අපි වගේ කෙනෙක් ගියා තමා උන්ගේ ගෑස්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. ලැප්ටොප් එක රත් වීම මටත් තියෙන ලොකු ගැටළුවක්. මෙන්න මෙයින් එකක් ගන්න ටිකක් විපරමින් ඉන්නේ…
    http://www.thermapak.com/

    ලැප්ටොප් වලට liquid coolers තියෙනවද දන්නෑ තාම :-/

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. ඹකනෙ කියන්නෙ ලොකු ලොකු සල්ලි දීල ගත්තට අපේ පොඩි පොඩි ඒව තරම් වත් හොද නෑ කියල.
    ඹ්ක පාරෙ යන ලොරියකට තියල ගනින් Lenovi 3000 N500 එකක්…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. හික්. බලාගෙන ගිහාම මගේ ලැප ගත්තු තැන හොඳයිනේ. අවුරුදු දෙකක් වෙනවා දැනට DVD writer එකේ අවුලකුයි charger එකේ වයර් එකේ අවුලකුයි විතරයි ආවේ. DVD writer එකත් warranty ඉවරවෙන දවසෙ දුන්නාම සතියකින් විතර අලුත් writer එකක්ම දාලා දුන්නා.(දවස් 14 අවුලක් ආවෙ නෑ). හැබැයි එතැන වැඩ නං slow motion. දවසම ගෙවෙනවා සංසාරෙ එපා වෙනවා 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. මගේ නම් HP Pavilion dv4-1228ca ( http://is.gd/1q6PW ) එකක්. අරං මාස තුනයි සමහරක් දවස්වල පැය 12ක් පැනලාත් වැඩ කරනවා. ඒත් මෙහෙම සිද්ධියක් වෙලා නම් නෑනේ. රත් වෙනවා වුණත් වැඩි වෙලාවක් කූල් එකේ ඉන්නේ. වෙබ් කැම් එකේ White Balance එකේ අලයක් හැරෙන්න තැනට නම් අවුලක් නෑ.

    ලැප ගත්තේ HP Licensed කෙනෙක්ගෙන්ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අපොයි ඔව්, display අවුල dv4/dv5 පාවිච්චි කරන ගොඩක් අයගෙ තියෙනවා.
      ඔයාගෙ එක තාම අලුත්නෙ.
      පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා 😉

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • මං හිතන්නේ මචෝ මේ කලාප ( මම ඉන්නේ විදේශික රටකනේ ) වලට ගැලපුණත් ලංකාවට නොගැලපෙනවා ඇතිනේ. Dell ෙදල් කියන්ෙන් එ් හින්දානේ.

        HP, Toshiba, Dell (Studio), Asus හා Sony තමා එළම මම දන්න අන්දමට.

        HP warranty ඒකට අමතරව Ext. Warranty එකක් ගන්න තිබ්බේ.

  8. මුලින්ම කියනනම් මම ලප්ටොප් විශේෂඥයෙක් නම් නෙවෙයි. ඒත් මම දන්න විදියට Pavilion එක අපේ කලාපයට Design කරන එකක් නෙවෙයි. ඔය කියන DV Sereis එක ලෙඩ වැඩියි. HP Business NoteBook එකක් ගන්න. NC 6000 Sereis පාවිච්චි කරපු එකක් උනත් නියමයි. මේ ටික කිව්වෙ වැඩියම ගන්න ඉන්න අය වෙනුවෙන්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. ඕක ගන්න වෙලාවෙ මමත් හිටියනේ 😦
    ඕක ඔය ජාතියෙම අවුලක්ද කොහෙද. දැන් බලපන් මගේ ලැප, ගන්න කලින් මේක සුදුද කලුද කියලවත් හෙව්වෙ නෑ. අපරාදෙ කියන්න බෑ තාම කිසිම අවුලක් නෑ. ඒකනෙ මම TOSHIBA වලට ටිකක් කඩේ යන්නේ 😛

    ප්‍රති-පිළිතුරු සැපයීම

  10. @ පහන්
    උඹේ HP NX සීරීස් එක නම් පට්ට පං. හම යනකං වැඩ ගත්තෑකි. අර යොහාන්ගෙ එක පැය 24ම දාලා තිබිලත් තාම බැටරියේ අවුලක් විතරයි ගියේ. කරුමෙට දැං ඕක එන්නෙ නෑ නේ.

    මම හොයලා හොයලා අඩුවට ගත්ත HP Compaq Presario එක නං දැං අවුරුද්දක් තිස්සෙ හොඳට වැඩ. රත් වෙනවා නං තමා. මට කූලර් එකක්වත් නෑ. ඒත් ඩිස්ප්ලේ අවුලක් නං නෑ. සතියට දවස් 3ක් විතර පැය 18ක් විතර වැඩ. මේ වගේ නිවාඩු කාල වල හැමදාම පැය 18ක් මේක දාලා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: