Archive for දෙසැම්බර්, 2009

මේ කවුද?

Lena Sjööblom
ගොඩක් කාලෙකින් මටත් බ්ලොග් එකක් තියනව නේද කියල මතක් වුනේ.
මේ සතියෙත් Image Processing ලෙක්චර් එකේදි මේ පින්තූරෙ දැක්ක නිසා මේ කවුද කියල හොයන්න හිතුන.
Image Processing ගැන ඉගෙන ගන්න අයට නම් මෙයා හුරුපුදු වෙන්න ඕන, ගොඩක් උදාහරණවලට මේ පින්තූරෙ භාවිතා වෙලා තියෙනව.
අන්තර්ජාලෙ රවුං ගහ ගහ ඉන්නකොට මෙයාගෙ විස්තර ගොඩක් හම්බ වුනා.
ස්වීඩනයෙ ඉපදුන Lena Soderberg 1972 Playboy සඟරාවට පෙනී හිටපු පින්තුරෙකින් උඩ කොටස තමයි මේ (ඉතිරි කොටස දාන්න බැරි බව දන්නවනෙ 😉 )
මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ University of California වල කරපු research එකක test image එකක් විදියට.

මේ තියෙන්නෙ IS & T(Society for Imaging Science and Technology) හි 50 වෙනි සංවත්සරයෙදි ගත්ත පින්තූරයක්
Lena at IS n T

සම්පූර්‍ණ කතාව මෙතනින් දැනගන්න පුලුවන්.

Advertisements