Posts Tagged ‘image processing’

මේ කවුද?

Lena Sjööblom
ගොඩක් කාලෙකින් මටත් බ්ලොග් එකක් තියනව නේද කියල මතක් වුනේ.
මේ සතියෙත් Image Processing ලෙක්චර් එකේදි මේ පින්තූරෙ දැක්ක නිසා මේ කවුද කියල හොයන්න හිතුන.
Image Processing ගැන ඉගෙන ගන්න අයට නම් මෙයා හුරුපුදු වෙන්න ඕන, ගොඩක් උදාහරණවලට මේ පින්තූරෙ භාවිතා වෙලා තියෙනව.
අන්තර්ජාලෙ රවුං ගහ ගහ ඉන්නකොට මෙයාගෙ විස්තර ගොඩක් හම්බ වුනා.
ස්වීඩනයෙ ඉපදුන Lena Soderberg 1972 Playboy සඟරාවට පෙනී හිටපු පින්තුරෙකින් උඩ කොටස තමයි මේ (ඉතිරි කොටස දාන්න බැරි බව දන්නවනෙ 😉 )
මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ University of California වල කරපු research එකක test image එකක් විදියට.

මේ තියෙන්නෙ IS & T(Society for Imaging Science and Technology) හි 50 වෙනි සංවත්සරයෙදි ගත්ත පින්තූරයක්
Lena at IS n T

සම්පූර්‍ණ කතාව මෙතනින් දැනගන්න පුලුවන්.

Advertisements

OpenCV සමග සෙල්ලම් කිරීම

මම කිව්වනේ මේ දවස්වල මට Image Processing පිස්සුවක් හැදිල තියෙනවා කියලා.MatLab CD එක ආවට පස්සෙ ඒක තවත් වැඩි වුනා.
මට දැන් ටික කලකට කලින් තමයි OpenCV මුලින්ම හමුවුනේ.install කලත් වැඩිදෙයක් කරන්න වුනේ නෑ.ඔන්න අද Visual C++ configure කරල පොඩ්ඩක් සෙල්ලම් කරල බැලුවා.
OpenCVකියල කියන්නෙ Opensource computer vision Library එකටයි.
මේකෙන් image processing වැඩ ගොඩක් කරගන්න පුලුවන්. Coding C/C++ වලින් නිසා MatLab වලට වඩා ගොඩක් වේගවත්.

මෙන්න මෙතනින් වින්ඩෝස් වලට .exe ෆයිල් එක හා ලිනක්ස් සඳහා tar.gz ෆයිල් එක බාගන්න.
Windows වල .exe ෆයිල් එක install කරගන්න.
මම Visual C++ 2008 Express edition වල configure කරගන්න විදිය කියන්නම්.
Tools> Options වල Projects and Solutions> VC++ Directories window එකේ රූපයේ පරිදි include files හා library files එකතු කරන්න.
මේ file path ඔබ install කළ තැන අනුව යොදන්න.
Library-Files
include files

සුපුරුදු විදියට පොඩි Hello World Application 1ක් ලියල බලමු.
අළුත් project එකක් ආරම්භ කරල මේ code ටික ටයිප් කරන්න.

code

Project> Properties වින්ඩෝවෙ Linker>Input වල පහත දෑ ටයිප් කරන්න
4

5

ඔන්න දැන් පුළුවන් program 1 run කරල බලන්න. එතකොට මේ විදියට image එක display වේවි.

61
වැඩි දුර ඉගෙන ගැනීමට මේ පොත හොඳයි. මෙතනින් බා ගන්න.

Free MatLab CD recieved

කාලෙකට කලින් Signal(හපොයි paper එක මතක් වෙන කොට තාම බඩ දඟළනවා :O) කරපු කාලෙ MatLab ගැන හොයන කොට මේ ලින්ක් එක හම්බ වුනා.
request-cd
නිකන් හම්බ වෙන නිසා request එකක් දැම්ම.කාලයත් එක්ක ඒක අමතක වෙලා ගියා.අද ආපු තඩි ලියුම් කවරෙ දැක්කම තමයි මට මේක මතක් වුනේ. CD cover
මේ දවස් වල OpenCV (ඒ ගැන පස්සෙ කියන්නම්) නිසා Image Processing ගැන ඇතිවෙලා තියෙන ආසාවත් නිසා CD එකේ තියෙන දේවල් බලන්න හිතුනා.
image-processing
විඩියෝ tutorials ටික හොඳයි වගේ
අරගෙනම බලන්න!